Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා යළිත් ඔස්ට්‍රේලියාව තැති ගන්වයි




ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තය යළිත් වසා දැමීමට බලධාරීන් සූදානම් වනවා. ඒ, එම ප්‍රාන්තයේ ප්‍රධාන නගරය වන මෙල්බර්න් නගරය තුළ යළිත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුවීම හේතුවෙන්. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට වික්ටෝරියා ප්‍රාන්තය දින 07 ක කාලයකට වසා දැමෙනු ඇති. 

ප්‍රාන්තය වසා තබන කාලය තුළ අත්‍යවශ්‍ය සේවා හා කොරෝනා මර්දන එන්නත්කරණ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව බලධාරීන් සඳහන් කළා. එහෙත් කිසිඳු ආකාරයේ මහජන ඒකරාශීවිමකට අවස්ථාවන් ලැබෙන්නේ නැහැ. 

පවතින තත්ත්වය අනුව ගත යුතුව ඇති හොඳම තීරණය අවස්ථානුකූලව නොගතහොත් වෛරසයේ ව්‍යාප්තිය අවම කළ නොහැකි වනු ඇති බවයි බලධාරීන් සඳහන් කළේ. වික්ටෝරියා ප්‍රාන්තය මෙලෙස යළිත් වරක් වසා දැමෙන්නේ නව ආසාදිතයින් 26 දෙනෙකු හඳුනාගත් පසුබිමක් තුළයි.