Sunday, May 5, 2024

General line - 0115112241

එක් තීරයක් එක් මාවතක් ඇෆ්ගනිස්තානයටත් දිගු කෙරේ




චීනයේ බෙල්ට් ඇන්ඩ් රෝඩ් ඉනීටියේෂිව් හෙවත් එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට ඇෆ්ගනිස්තානයද සම්බන්ධ කර ගැනීමට තීරණය කර තිබේ.

ඇෆ්ගනිස්තාන සහ පකිස්තාන විදේශ අමාත්‍යවරැන් සමග පැවති ත්‍රෛයිපාර්ශවික වීඩි⁣යෝ සාකච්ඡාවකදී චීන විදේශ අමාත්‍ය වැන්ග් යී මෙම පිළිබද අදහස් පළකර තිබේ.

ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත්කර ගැනීමෙන් අනතුරැව එරට ජනතාවට සැබෑ ලෙසම තම පාලනයක් පවත්වාගෙනයාමට හැකිවනු ඇති බවත් ඒ සදහා වන සහයෝගය ලබාදීමට තම රට සූදානම් බවත් චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇත.

එහිදී එක් තීරයක් එක් මාවතක් වැඩසටහනට ඇෆ්ගනිස්තානද සම්බන්ධ කර ගැනීමටත් ඒ සදහා රටවල් තුනෙහිම විදේශ අමාත්‍යවරැන්ගෙන් සමන්විත යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටත් මෙහිදී එකගතාවය පළවී තිබේ.

මේ අතර සවුත් චයිනා මෝර්නින් පෝස්ට් පුවත්පත වාර්තා කර ඇත්තේ ඇෆ්ගනිස්තානයෙන් ඇමරිකානු හමුදා ඉවත් කර ගැනීමත් සමග චීනයට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් නව ගැටලු මතුවීමේ ඉඩක් ඇති  බවයි.

ඒ ඇෆ්ගනිස්තානයට මායිම් වූ චීනයේ ෂින්ජියෑන්ග් ප්‍රාන්තයේ වෙසෙන ,දැනටමත් චීනය සමග විවිධ අර්බුදවලට මැදිව සිටින උයිගුර් සුලු ජනවර්ගය සහ  ඇෆ්ගනිස්තානයේ ත්‍රස්ත කණ්ඩායම් අතර සබදතා වර්ධනය වීමේ අවදානමයි.