Sunday, May 5, 2024

General line - 0115112241

ලොව ප්‍රකට වෙබ් අඩවි රැසක් හදිසියේ බිඳ වැටෙයි




ලොව පුරා ක්‍රියාත්මක ප්‍රමුඛපෙළේ වෙබ් අඩවි රැසක් අද හදිසියේ බිඳ වැටීමකට ලක්වුණා. එම බිඳ වැටීම පැයක පමණ කාලයක් පැවති බවයි වාර්තා වන්නේ. විදෙස් වාර්තා පැවසුවේ එලෙස බිඳ වැටුනු වෙබ් අඩවිවලින් රැසක් මාධ්‍ය ආයතනවලට අයත් වෙබ් අඩවි වන බවයි.  ෆයිනෑන්ෂල් ටයිම්ස්, සී එන් එන් සහ බ්ලූම්බර්ග් යන වෙබ් අඩවි ද එලෙස බිඳ වැටීමකට ලක්වුණු වෙබ් අඩවි අතරට අයත්.

අල් ජසීරා මාධ්‍ය ආයතනයේ වෙබ් අඩවියට ද මෙම බලපෑම එල්ල වී තිබුණා. ප්‍රංශයේ මාධ්‍ය ආයතන කිහිපයකට අයත් වෙබ් අඩවි ද අදාළ කාලය තුලදී හදිසියේ බිඳ වැටී තිබෙනවා. බි්‍රතාන්‍යයේ පිහිටි මාධ්‍ය ආයතන කිහිපයක වෙබ් අඩවි ද අද දිනයේදී බිඳ වැටී  තිබුණු බවයි වාර්තා වන්නේ. එම වෙබ් අඩවි අතරට ගාඩියන් පුවත්පතේ වෙබ් අඩවිය හා බී බී සි වෙබ් අඩවිය ද අයත්.

අමෙරිකාවේ ධවල මන්දිරයේ වෙබ් අඩවියට ද මෙම ගැටළුව පැන නැගී තිබූ නමුත් කෙටි කාලයක් තුල එය නියමිත පරිදි ක්‍රියාකාරී වී තිබෙනවා. කෙසේවෙතත් ලොව පුරා ප්‍රකට වෙබ් අඩවි අඩපණ කළ මෙම බිඳවැටීම සයිබර් ප්‍රහාරයක ප්‍රතිඵලයක් ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ