Sunday, May 5, 2024

General line - 0115112241

ඔන්ලයින් ක්‍රමයට රැපියල් කෝටි 150ක් වංචා කළ පිරිසක් දිල්ලි පොලිසියේ අත්අඩංගුවට 




චීනයේ සිට මෙහෙයවනු ලැබූ පරිගණක ඇප් දෙකක් යොදාගෙන ඔන්ලයින් ක්‍රමයට ඉන්දීය රැපියල් කෝටි 150 ක් වංචා කළ පුද්ගලයන් 11 දෙනෙකු නවදිල්ලියේ විශේෂ සයිබර් අපරාධ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර වරලත් ගණකාධිකාරිවරැන් ⁣දෙදෙනෙකු සිටින බවත් ඉන්දීය ජාතිකයන් වන මෙම පිරිස ,චීන⁣යේ සිටින මෙම ජාවාරමේ ප්‍රධානීන්ගේ් දේශිය නියෝජිතයන් ලෙස කටයුතු කර ඇති බවත් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

මෙම පුද්ගලයන් ඇප් මෘදුකාංගයක් හරහා මුදල් ආයෝජනය කිරීමේ  ව්‍යාපාරයක් ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි.

පුද්ගලයන් ලක්ෂ 5කට අධික පිරිසක් මෙම වංචාවට ගොදුරැ වී ඇති බව දැනට කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මේ අතර ඉන්දියාව තුළ භාවිතා කරන දුරකතන සිම්පත් 1300ක් පමණ දේශසීමාව හරහා චීනයට රැගෙන යාමට උත්සහ දැරෑ පුද්ගලයකු බංගලාදේශ සීමාවේදී ඉන්දීය දේශසීමා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

බලධාරීන් සදහන් කළේ විවිධ වංචා සදහා භාවිතා කිරීමට මෙම සිම්පත් රැගෙන යන්නට ඇති බවයි.

අදාළ චීන ජාතිකයා රදවාගෙන ඇති අතර ඔහු එකවර මෙලෙස  සිම්පත් විශාල සංඛ්‍යාවක්  මිලදීගත් ආකාරය පිළිබද සොයා ගැනීමට පරීක්ෂණ පවත්වන බව ඉන්දීය බලධාරීහු සදහන් කරති.