Wednesday, May 8, 2024

General line - 0115112241

බයිඩ්න් - පුටින් ඓතිහාසික සාකච්ඡාවේදී ලෝකයටම වැදගත් එකගතාවක්




අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ඊයේ පැවැති ඓතිහාසික සාකච්ඡා වටයේදී දෙරටෙහි න්‍යෂ්ටික අවි පාලනය සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා. විදෙස් වාර්තා පැවසුවේ එම අවි පාලනය සම්බන්ධයෙන් වන ද්විපාර්ශවික සාකච්ඡා කඩිනමින් ආරම්භ කිරීමට දෙරටෙහි නායකයින් එකගත්වය පළ කර ඇති බවයි.

එහි එක් සාධනීය පියවරක් ලෙස දෙරටෙහි තානාපතිවරුන්, වොෂිංටන් හා මොස්කව් අගනුවරට පිටත් කර යැවීම සම්බන්ධයෙන් ද එකගතාවක් පලවී තිබෙනවා. 

කෙසේවෙතත් අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් හා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතර ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැති සාකච්ඡා පැය 03 ක පමණ කාලයක් පැවැති බවයි වාර්තා වන්නේ. සැලසුම් කර තිබූ කාලයට වඩා අඩු කාලයකින් දෙරටෙහි නායකයින් අතර පැවැති සාකච්ඡා අවසන් වීම විශේෂත්වයක්. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමෙරිකානු ජනාධිපතිවරයා පැවසුවේ සාකච්ඡා කිරීම සඳහා කාලවේලාව ගත කිරීමට වඩා රුසියාව සමග සබඳතා වර්ධනය කර ගැනීම මෙම අවස්ථාවේදී වැදගත් වන බවයි. 

මේ අතර මෙම ඓතිහාසික හමුවේදී අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට ත්‍යාගයක් පිරිනමා තිබෙනවා. 

ඒ, ජෝ බයිඩ්න් රුචිකත්වයක් දක්වන අවුකණ්ණාඩියක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. කෙසේවෙතත්, රුසියානු ජනාධිපතිවරයා විසින් අමෙරිකානු ජනාධිපතිවරයාට ත්‍යාගයක් පිරිනමා ඇති ද යන්න මෙතෙක් වාර්තා වී නැහැ.