Wednesday, May 8, 2024

General line - 0115112241

එංගලන්තයේ අගුලු දැමීම දීර්ඝ කරයි




කොරෝනා වසංගත තත්ත්වය හමුවේ රට වසා දමා පනවා තිබූ සංචරණ සීමා තවදුරටත් දීර්ඝ කිරීමට එංගලන්තය අද කටයුතු කළා. ඒ, එරට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමකදී මන්ත්‍රීවරුන් බහුතරයක් රට තවදුරටත් වසා තැබීමේ යෝජනාවට පක්ෂව ජන්දය ප්‍රකාශ කිරීමත් සමගයි. 

ඒ අනුව එංගලන්තය තුළ දැනට ක්‍රියාත්මක සංචරණ සීමා ලබන ජූලි මස 19 වනදා තෙක් ක්‍රියාත්මක කෙරෙනු ඇති. 

සංචරණ සීමා ලිහිල් කිරීමට මීට පෙර තීරණය කෙරුණත්, එම තීරණය වෙනස් කරමින් රට තවදුරටත් වසා තැබීමට  එංගලන්තයට සිදුව ඇත්තේ රට තුළ යළිත් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙමින් ඇති පසුබිම තුළයි. කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සිදු කෙරුණත් එංගලන්තයෙන් මේවනවිට යළිත් සැලකිය යුතු ලෙස දෛනික කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් තිබෙනවා.

මෙලෙස එංගලන්තය තුළ පැතිර යමින් ඇත්තේ ඉන්දියාවෙන් ව්‍යාප්තිය ආරම්භ වූ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය බවටයි මේවනවිට වාර්තා පළ වන්නේ. ඒ අනුව මේවනවිටත් එන්නත්කරණ කටයුතු සම්පූර්ණ කර නොමැති තරුණ ප්‍රජාව හේතුවෙන් එංගලන්තය තුළ එම කොරෝනා ප්‍රභේදය පැතිර යාමේ අවදානමක් මතුවනු ඇති බවට ද මත පළ වනවා.