Saturday, April 27, 2024

General line - 0115112241

තවත් 12,935 දෙනෙකුට සයිනොෆාම් දෙවන මාත්‍රාව




ඊයේ දිනයේදී මෙරට තවත් පුද්ගලයින් 12,935 දෙනකුට සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා සයිනොෆාම් කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති මෙරට සමස්ථ පුද්ගලයින් සංඛ්‍යාව හාර ලක්ෂ 55,592 ක්.

පුද්ගලයින් 6,358 දෙනෙකුට සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවද ඊයේ දිනය තුළ ලබා දී තිබෙනවා.

ඊයේ දිනයේදී ස්පුට්නික් වී එන්නතේ පළමු මාත්‍රාව ලබා දී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 6,848 ක්.

පුද්ගලයින් 132 දෙදෙනකෙුට ඊයේ දිනයේදී කොවිෂීල්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය පැවසුවේ.