Sunday, April 28, 2024

General line - 0115112241

ඩිල්ෂාන් - රොෂේන් - අසේල - මිලින්ද - අෂාන්ට යළි කැදවීමක් : විනය කඩ කළ තිදෙනාට වසරක තරග තහනමක් පැනවෙන ලක්වන ලකුණු




ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පිරිසක් කොළඹදී ජෛව ආරක්ෂිත බුබුලකට ඇතුළත් කර තිබෙනවා. 

ජෙෆ්රි වැන්ඩර්සේ, අශාන් ප්‍රියන්ජන්, අසේල ගුණරත්න, ඇන්ජෙලෝ පෙරේරා, සඳුන් වීරක්කොඩි, මිලින්ද සිරිවර්ධන, ඩිල්ෂාන් මුණවීර, නිසල තාරක, චතුරංග ද සිල්වා, රොෂේන් සිල්වා, ප්‍රභාත් ජයසූරිය සහ ලහිරු මධුෂංක ඇතුලු ක්‍රීඩකයින් රැසක් මේ සදහා කැදවා ඇති බවයි ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් මෙම ජෛව ආරක්ෂිත බුබුලට හිටපු නායකයින් වන දිමුත් කරුණාරත්න සහ ඇන්ජෙලෝ මැතිව්ස් ඇතුළත්ව නැහැ.

ජෛව ආරක්ෂීත බුබුලට කැදවූ ක්‍රීඩකයින්ට කෙටිකාලීන කොන්ත්‍රාත්ත් ගිවිසුමක් ලබාදී ඇතැයිද වාර්තා වනවා. සංචාරක ඉන්දීය කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර එක්දින තරග 3ක් සහ පන්දුවාර විස්ස තරග 3ක් පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

දෙරට අතර පැවැත්වෙන එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන අතර, 20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21, 23 සහ 25 යන දිනවලදීයි. එම සියලු තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

මේ අතර එංගලන්තයේදී ජෛව ආරක්ෂීත බුබුල බිද දැමීමේ චෝදනාව මත තාවකාලික තරග තහනමකට ලක් වූ කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලකට වසරක තරග තහනමක් පැනවෙනු ඇති බවයි වාර්තා වන්නේ. 

ඔවුන් දෙදෙනා මේ වන විට මීගමුවේ හෝටලයක නිරෝධයනය සදහා යොමුකර සිටිනවා. ඔවුන් නිරෝධායනය අවසන් කර පැමිණි පසු විමර්ශනයක් සිදු කර අවසන් තීරණයක් ගන්නා බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත ප්‍රකාශ කළේ.