Sunday, April 28, 2024

General line - 0115112241

කැනඩාවේ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට




වාර්තාගත අධික උණුසුම් කාලගුණයත් සමග කැනඩාවට තවදුරටත් දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙනවා. උෂ්ණත්වය ඉහළ යාම හමුවේ ලැව්ගිනි තත්ත්වයන් පවා හට ගෙන ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. අධික උෂ්ණත්වය හා ලැව්ගිනි හේතුවෙන් දැඩි බලපෑම් එල්ල වී ඇත්තේ කොලොම්බියා ප්‍රදේශයේ ලිටෝ නගරයටයි. 

උෂ්ණත්වයත් සමග දරුණු ලෙස පැතිර යන ලැව්ගිනි හේතුවෙන් ලිටෝ නගරයේ සියයට 90 ක පමණ වපසරියක් පුරා ලැව්ගිනි පැතිර ඇතැයි විදෙස් වාර්තා සඳහන් කළා. විනාඩි 15 ක පමණ කෙටි කාලයක් තුලදී වේගයෙන් ලැව් ගිනි පැතිර යාම හේතුවෙන් ලිටෝ හි වැසියන් එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණා. 

ලිටෝ නගරයෙන් මේවනවිට වාර්තා වන්නේ කැනඩාවෙන් මෙතෙක් වාර්තා වූ වැඩිම උෂ්ණත්වයයි. එය සෙල්සියස් අංශක 49.6 ක්. පවතින අසාමාන්‍ය උෂ්ණාධික කාලගුණය හේතුවෙන් දින 05 ක් තුළ කොලම්බියා ප්‍රදේශයෙන් පුද්ගල මරණ 486 ක් වාර්තා වී තිබෙනවා.