Thursday, May 2, 2024

General line - 0115112241

රාත්‍රියට අඟුළු වැටෙන ඕස්ට්‍රේලියාව




ඇඩිලේඩ් නුවර ඇතුළු දකුණු ඕස්ට්‍රේලියාව රාත්‍රී කාලයේදී අඟුළු දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, ඩෙල්ටා වෛරස් ප්‍රභේදය ආසාදිත කොරෝනා රෝගීන් කිහිපදෙනෙකු එම ප්‍රදේශවලින් හඳුනා ගැනීමත් සමඟයි.

අද සිට ක්‍රියාත්මක වන අඟුළු දැමීම අවම වශයෙන් දින 07ක්වත් පවතිනු ඇති බවයි ඕස්ට්‍රේලියානු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ.

ඒ අනුව සවස 06 න් පසු අත්‍යවශ්‍ය කටයුත්තකට හැර වෙනත් කටයුත්තක් සඳහා නිවසින් බැහැරවීම දකුණු ඕස්ට්‍රේලියානුවන්ට තහනම් වනු ඇති.