Friday, April 19, 2024

General line - 0115112241

පළමු තැන වෙනුවෙන් ඇමෙරිකාව සහ චිනය කරට කර සටනක




රියෝ ඔලිම්පික් උලළේ මෙතෙක් පැවති තරගවලට අනුව පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට ඇමෙරිකාව සමත්වී සිටිනවා.

ඒ, රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 8 ක් සහ ලෝකඩ පදක්කම් 9 ක් දිනා ගනිමින්.

දෙවන ස්ථානයේ රැදි සිටින චීනය රන් පදක්කම් 8 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 6 ක් දිනා සිටිනවා.

තෙවන ස්ථානයේ රැදි සිටින්නේ හංගේරියාවයි. ඒ, රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් හිමිකර ගනිමින්.

ඊයේ දිනයේ අවසන් භාගය වනවිට පදක්කම් සටහනේ පෙරමුණේ පසුවූයේ චීනයයි.

කෙසේවෙතත් මීටර් 200, හතර නිදහස්ආර පිහිනුම් ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් රන් පදක්කම් සටහනේ සමතැන් ගැනීමට ඇමෙරිකාව සමත් වුණා.