Sunday, April 28, 2024

General line - 0115112241

පළාත් අතර පොදු ප්‍රවාහන අගෝස්තු 01 වනදා සිට




ලබන අගෝස්තු පළමුවනදා සිට පළාත් අතර පොදු ප්‍රවාහන සේවා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එලෙස පොදු ප්‍රවාහන සේවා ආරම්භ කරන්නේ සීමාසහිතව බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

පළාත් අතර සංචරණ සීමා මේවනවිට ද ක්‍රියාත්මකයි. එහෙත්, එය ප්‍රායෝගික දැයි ජනතාව අදත් ප්‍රශ්න කළා. 

කෙසේවෙතත්, ඉදිරියේදී මතුවන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් පොදු ප්‍රවාහනයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණ ගන්නා බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම වැඩිදුරටත් පැවසුවේ.