Saturday, April 27, 2024

General line - 0115112241

ලීටර් 18 නව ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය මිලදී ගැනීමෙන් ජනතාවට සිදුවන්නේ පාඩුවක් - ,මන්ත්‍රී හර්ෂ ද සිල්වා




ලීටර් 18 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරය රුපියල් 1,150 කට මිලදී ගැනීමෙන් ද මහජනතාවට සිදුවන්නේ පාඩුවක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ එම ගෑස් සිලින්ඩරයක් අලෙවි කළ යුත්තේ රුපියල් 1,025 කට බවයි. 

කෙසේවෙතත්, වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ රුපියල් 1,150 කට මිල නියම කිරීම හරහා ලීටර් 18 ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරය සම්බන්ධයෙන් මතුව තිබූ අසාධාරණය නිවැරදි වූ බවයි. 

මේ අතර වත්මන් ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාට අමාත්‍යවරයා මෙහිදී විවෘත ආරාධනයක් ද සිදුකළා.