Thursday, March 28, 2024

General line - 0115112241

අංක 01 අංක 15ට පරදියි – රන් සිහිනය බොඳවෙයි




ඔලිම්පික් රන් පදක්කම් 4 ක් දිනාගත් අමෙරිකානු සුපිරි කී‍්‍රඩිකා සෙරීනා විලියම්ස්ට මෙවර රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළලේ පදක්කම් සිහිනය අත්හැරීමට සිදුවුණා.

ඒ, තෙවන වටයේ තරගයකදී ලෝක ශ්‍රේණිගත කිරීම්වල 15 වන ස්ථානයේ රැදී සිටින යුක්රේන කී‍්‍රඩිකා එලීනා ස්විටොලිනා හමුවේ පරාජයවීම හේතුවෙන්.

සෙරීනා විලියම්ස් ලෝක ටෙනිස් ශ්‍රේණිගත කිරීම්වල අංක එකේ කී‍්‍රඩිකාවද වනවා. ඇය යුක්රේන කී‍්‍රඩිකාව හමුවේ පරාජයට පත්වූයේ වට දෙකට බින්දුවක් ලෙසයි.

සෙරීනා විලියම්ස් පසුගිය ලන්ඩන් ඔලිම්පික් උළලේදී කාන්තා කේවල ටෙනිස් ඉසව්වේ රන් පදක්කම මෙන්ම අවස්ථා තුනකදී කාන්තා යුගල ටෙනිස් ඉසව්වේ රන් පදක්කම් 3 ක් දිනා ගත්තා.

සිය සොහොයුරිය වන වීනස් විලියම්ස් සමග මෙවර ඔලිම්පික් උළලේද කාන්තා යුගළ ඉසව්වට තරග කළ සෙරීනා එහිදී ද චෙක් ජනරජයේ කී‍්‍රඩිකාවන් හමුවේ පරාජයට පත් වුණා.