Wednesday, May 8, 2024

General line - 0115112241

මරණ සම්භාවිතාව 88%ක ඉහළ අගයකින් යුත් වෛරස ප්‍රභේදයක් වාර්තා වෙයි




මාරාන්තික ඉබෝලා වෛරසය කාණ්ඩයට අයත් “මාබර්ග්” නමැති වෛරස් රෝගය අප්‍රිකානු ගිනියා රාජ්‍යයෙන් වාර්තා වන බවට ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටිනවා.

පසුගිය අගෝස්තු 02 වනදා රෝගාතුරව මියගිය ගිනියා ජාතික පුද්ගලයෙකුගේ රුධිර සාම්පල වලින් මෙම වෛරසය හමුවූ බවට ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කර සිටියි. එහි පැතිරීම වැළැක්වීම සඳහා පියවර ගත යුතු බවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ Matshidiso Moeti ප්‍රකාශ කළේ.

මෙම මාබර්ග් වෛරසයෙන් මරණයට පත්වීමේ සම්භාවිතාව 88% ක් තරම් ඉහළ අගයක පවතින බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ. 

මෙම වෛරසය කොරෝනා වෛරසය මෙන් වවුලන්ගෙන් සහ වඳුරන් ගෙන් මිනිසාට සම්ප්‍රේෂණය වන වෛරසයක් ලෙසයි සලකනු ලබන අතර වෛරසය මිනිසාගෙන් මිනිසාට මෙම වෛරසය සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරන්නේ.

මාබර්ග් රෝග ලක්‍ෂණ ලෙස අධික උණ සහ මාංශ පේශි වේදනාව ප්‍රධාන වන අතර ඇතැම් රෝගීන් ගේඇස් සහ කන් වැනි ශරීර විවරයන් තුළින් රුධිරය ගලා එන බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. මෙම වෛරසය ආසාදනය වීමේ බීජෞෂණ කාලය දින 2 - 21ක් පවතින බවයි එම සංවිධානය සඳහන් කරන්නේ.

මෙම නව වෛරසය මතුව ඇත්තේ යළිත් වරක් මතුවූ ඉබෝලා වෛරසයෙන් පිඩා විදි ගිනියා රාජ්‍ය ඉන් නිදහස් බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කර මාස දෙකකින් අනතුරුවයි.