Sunday, May 5, 2024

General line - 0115112241

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කළ 277 දෙනෙකු අත්අඩංගුවට




නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පුද්ගලයින් 277 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති තිබෙනවා. ඒ අනුව නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් මේ දක්වා කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් ගණන 54,889 ක් බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.

බස්නාහිර පළාතට ඇතුලුවන සහ පිටවන ස්ථාන 12 ක පිහිටුවා ඇති මාර්ග බාධකවල ඊයේ දිනයේ සිදුකළ පරීක්ෂාකිරීම්වලදී පුද්ගලයින් 635 දෙනෙකු සහ වාහන 330 ක් ආපසු හරවා යැවීමට ද පොලීසිය කටයුතු කර තිබෙනවා.