Wednesday, May 8, 2024

General line - 0115112241

LTTEය සැගවූ රත්තරන් සොයා කැණීම් කල පිරිසක් කිලිනොච්චියේදී අත්අඩංගුවට




කිලිනොච්චිය, අලගාපූරි ප්‍රදේශයේදී නිති විරෝධි ලෙස කැණීම් සිදු කිරීමට සූදානම් වූ පුද්ගලයින් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, යුධ හමුදා බුද්ධි නිළධාරීන්ට ලද තොරතුරක් මත යුධ හමුදා නිළධාරීන් හා පොලිස් නිළධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකදීයි.

එහිදී භූ ගත ලෝහ සෙවීමට යොදාගන්නා නවීන ස්කැනර් යන්ත්‍රයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 25 ත් 35 ත් අතර පසුවනවා.

පොලිසිය සැක පළ කරන්නේ සැකකරුවන් එල් ටි ටි සංවිධානය සඟවා ඇති බවට සඳහන් කරන රත්රන් හෝ වෙනත් නිධන් වස්තු සෙවීමක් සිදුකොට ඇති බවයි. ඔවුන් කිලිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.
මාධව කුලසූරිය