Wednesday, May 8, 2024

General line - 0115112241

සති 03ක් රට ලොක්ඩවුන් කරන්න - ආණ්ඩුවේ පක්ෂ 10ක් ජනපතිගෙන් ඉල්ලයි




වර්ථමානයේ රටේ පවතින කොවිඩ් රෝගීන් ගණන රෝහල් පද්ධතියට දැරිය හැකි මට්ටමකට පහත හෙළීම සඳහා අවම වශයෙන් රට සති 03ක කාලයක් සඳහා අගුලු දැමීමට පියවර ගන්නා ලෙස ඉල්ලමින් ආණ්ඩුව නියෝජනය කරනු ලබන දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.

අපේ ජනබල පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර, ලංකා සමසමාජ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස විතාරණ, ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ, පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඇතුළු දේශපාලන පක්ෂ 10ක මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම සිදුකර ඇත.

අවුරුදු 18ට වැඩි සමස්ත ජනගහණය එන්නත්කරණය සිදුකිරීම සඳහා අවම වශයෙන් සති 06ක කාලයක් ගත වනු ඇත. එකි ක්‍රියාදාමය ප්‍රතිපලය දැකීමට තවත් මාසයක කාලයක් ගතවන බවයි එම පක්ෂ එම ලිපියෙන් වැඩිදුරටත් කරුණු දක්වා ඇත්තේ.

No description available. No description available.