Sunday, May 5, 2024

General line - 0115112241

කොවිඩ් ආසාදිතයින් ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම ගැන දැනුම් දීමක් 




වෛද්‍යවරුන්ගේ නිර්දේශ නොමැතිව කොවිඩ් ආසාදිතයින් ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීමෙන් වැළකිය යුතු බව වෛද්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. 

කොවිඩ් ආසාදිතයින් නිවෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීම ආරම්භ වීමත් සමඟ අවිධිමත් ඖෂධ භාවිතය ඉහළ ගොස් ඇති බවත් ඇතැම් කොවිඩ් ආසාදිතයින් වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිජීවක ඖෂධ ලබාගන්නා බවත් වාර්තා වී තිබෙනවා. 

වෛද්‍ය උපදෙස්වලින් තොරව එලෙස ක්‍රියා කිරීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටළු පිළිබඳ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධවේදය පිළිබඳ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති කරුණු දැක්වූයේ මෙලෙසයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මහාචාර්ය, විශේෂඥ වෛද්‍ය ප්‍රියදර්ශනී ගලප්පත්ති.

අවිධිමත් ඖෂධ භාවිතය ඉහළ යාමත් සමග ඇතැම් ඖෂධවලට ඇති ඉල්ලුම සහ භාවිතය වැඩි වී ඇති බවට තොරතුරු අනාවරණ වන බවයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.