Sunday, May 5, 2024

General line - 0115112241

බැලුම්ගල අනාවරණයෙන් පසු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න CIDයට පැමිණිල්ලක් කරයි 




නෙත් එෆ් එම් බැලුම්ගල වැඩසටහනක් මගින් ඉකුත් දා අනාවරණ කෙරුනු සිද්ධියක් සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ගොණුකර තිබෙනවා. 

එම වැඩසටහනේදී අනාවරණ කෙරුණේ මහා පරිමාණ විදෙස් මුදල් වංචාවක් පිළිබඳවයි. වංචාවට සම්බන්ධ පුද්ගලයන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්නගේ නම ද භාවිත කරමින් මෙම වංචාව සිදුකර ඇති බවයි එම වැඩසටහනේදී අනාවරණ කෙරුණේ.
 
වංචාකරුවන් තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුගේ හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුගේ ද නම් අවභාවිත කරමින් මෙම වංචාව සිදුකර තිබුණා. 

පොලිස්පතිවරයා හරහා තමන් සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළ කළා.

මේ අතර මෙම වංචාවට හසුවූ පුද්ගලයින් පිරිසක්ද අදාළ සැකකරුවන්ට එරෙහිව පොලීසියට පැමිණිලි ඉදිරිපත් කර ඇති බවයි වැඩිදුරටත් අනාවරණ වුණේ.