Sunday, May 5, 2024

General line - 0115112241

බස්නාහිරට ඇතුළුවීමට තැත් කළ පුද්ගලයින් 1,027 ක් පරීක්‍ෂාවට




බස්නාහිර පළාතට වෙනත් පළාත්වලින් ඇතුළු වන ස්ථානයන්හි ස්ථාපිත කර ඇති මාර්ග බාධක මගින් ඊයේ දිනයේ පමණක් පුද්ගලයින් 1,027 දෙනෙකු පරීක්‍ෂා කර තිබෙනවා. 

පොලීසිය පැවසුවේ වාහන 559 ක් ද මෙහිදී පරීක්‍ෂාවට ලක් කළ බවයි. 

බස්නාහිර පළාතෙන් පිටවන වාහන සහ පුද්ගලයින් පරීක්‍ෂා කිරීමද මේ යටතේ සිදු කෙරුණා. 
ඒ, බස්නාහිර පළාත තුළ ස්ථාපිත කර ඇති පළාත් මාර්ග බාධක 13 ක් තුළදීයි.