Friday, March 29, 2024

General line - 0115112241

ප‍්‍රදීප් සහ ලක්මාල් ගැන තීරණය හෙට




ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට එරෙහිව ගාල්ලේදී ලද ජයග‍්‍රහණයෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (10) කොළඹ එස්.එස්.සී කී‍්‍රඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කළ. එ් ලබන 13 වැනිදා ආරම්භ වන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගය ඉලක්ක කර ගනිමින්.

එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමණාකරු චරිත් සේනානායක නෙත් නිවුස් වෙත පැවසුවේ ආබාධයන්වලට ලක්ව සිටින නුවන් ප‍්‍රදීප් සහ සුරංග ලක්මාල් අද දිනයේදී එස්.එස්.සී පිටියේ පුහුණුවීම්වලට සහභාගි වූ බවයි.

‘‘ නුවන් ප‍්‍රදීප් සහ සුරංග ලක්මාල් අද පුහුණුවීම් ආරම්භ කළා. නුවන් ප‍්‍රදීප්ගේ පාදයේ ආබාධය තවමත් සියයට සියයක් සුව මට්ටමේ නැහැ.  පුහුණුවීම්වලින් පසු ඔහු පිළිබඳ අපි තීරණයක් ගන්නවා. කොහොම වුණත් සුරංග ලක්මාල් ගොඩක් හොඳ තත්ත්වයක ඉන්නවා. හෙට පුහුණුවීම්වලින් පස්සේ තමයි අපි තීරණයක් ගන්නේ මොන කී‍්‍රඩකයාද සෞඛ්‍ය තත්ත්වය අනුව තුන් වැනි ටෙස්ට් තරගයට යොදවන්නේ කියලා.”

පැවති ටෙස්ට් තරග දෙකේදීම ශී‍්‍ර ලංකා ආරම්භක පිතිකරුවන් අසාර්ථක වුණා. 3 වැනි ටෙස්ට් තරගයේදී ආරම්භ පිතිකරුවන්ගේ වෙනස්කම් සිදුවෙයිද යන්න පිළිබඳවත් මෙහිදී නෙත් නිවුස් ප්‍රශ්න කළා.

එහිදී ඔහු පැවසුවේ ‘‘ අපි එ් ගැන බලනවා. එ් වුණත් කණ්ඩායමක් හැටියට අපි ක‍්‍රීඩකයින්ට තව අවස්ථාවක් ලබාදෙන්න ඕන. අපි තාමත් එ් ගැන තීරණයක් අරන් නැහැ. කොහොම වුණත් ආරම්භක පිතිකරුවන් පිළිබඳවත් අපි හෙට පුහුණුවීම්වලින් පස්සේ කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. හැබැයි මගේ පෞද්ගලික මතය නම් මං හිතන්නේ නැහැ අපි ලොකු වෙනස්කම් කළ යුතුයි කියලා. ’’

13957594_10210324852624014_652343871_n