Saturday, September 21, 2024

General line - 0115112241

මූල්‍ය නගරය කරළියට




කොළඹ පෝර්ට් සිටි ව්‍යාපෘතිය වෙනස්කම් රැසක් සමගින් මින් ඉදිරියට හඳුන්වන්නේ මූල්‍ය නගරය යනුවෙන් බව අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවා.

ඒ අනුව අවශ්‍ය කාර්ය මණ්ඩලය හා සම්පත් සපයා ගනිමින් යෝජිත මූල්‍ය නගර ව්‍යාපෘතියේ මූලික කි‍්‍රයාකාරකම් ආරම්භ කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවත් පැවසුවා. විනෝදාස්වාදය සඳහා වැඩි අවධානයක් දිනා සිටි මෙම ව්‍යාපෘතිය දකුණු ආසියාවේ මූල්‍ය සංධිස්ථානයක් කිරීම සඳහා වත්මන් රජය යටතේ පියවර ගෙන ඇති බවයි හෙතෙම සඳහන් කළේ.

ඒ අනුව යෝජිත මූල්‍ය නගරයේ මුඛ්‍ය අරමුණ වන්නේ තරගකාරී හා නවීන මූල්‍යමය සේවා සපයන කේන්‍ද්‍රස්ථානයක් බවට පත්වෙමින් ශී‍්‍ර ලංකාව වෙත විදේශ ප‍්‍රාග්ධනය විශාල වශයෙන් ආකර්ශනය කර ගැනීමයි.