Sunday, May 5, 2024

General line - 0115112241

රුසියානු පාර්ලිමේන්තු මැතිවරණයේදී පුටින්ගේ පක්ෂය ඉදිරියෙන්




රුසියාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රථිඵල මේවනවිට නිකුත් වෙමින් තිබෙනවා. 

දැනට නිකුත් වී ඇති ප්‍රථිඵල අනුව එරට පාලක එක්සත් රුසියානු පක්ෂය ඉදිරියෙන් සිටින බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

රුසියානු ජනාධිපති පුටින් නියෝජනය කරන්නේ ද එක්සත් රුසියානු පක්ෂයයි. දැනට නිකුත් වී ඇති ප්‍රථිපල අනුව ප්‍රකාශිත ඡන්දවලින් සියයට 44 ක ප්‍රතිශතයක් එක්සත් රුසියානු පක්ෂයට හිමිව ඇති බවයි වාර්තා වන්නේ. මැතිවරණයේ අවසන් ප්‍රතිපල මෙතෙක් ප්‍රකාශයට පත්ව නැතත්, එක්සත් රුසියානු පක්ෂයේ ප්‍රබලයින් සිය පාක්ෂිකයින් අමතා ජයග්‍රහණය වෙනුවෙන් සුබ පැතුම් ද එක්කර අවසන් බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

කෙසේවෙතත්, මැතිවරණ කටයුතු සාධාරණ නොමැති බවයි රුසියානු විපක්ෂ කණ්ඩායම් චෝදනා නගන්නේ. මෙවර මැතිවරණයේදී රුසියාවේ බොහෝ විපක්ෂ දේශපාලනඥයින්ට සහ ක්‍රියාකාරීන්ට සිය ඡන්දය ප්‍රකාශ කිරීම තහනම් කර තිබුණා. සිරගත කර සිටින එරට විපක්ෂ නායක ඇලෙක්සි නාවල්නි සහ  ඔවුන්ගේ ආධාරකරුවන් ද ඒ අතරට අයත්. 

රට තුළ පවතින කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දින 03 ක් පුරා ඡන්ද විමසීම පැවැත්වුණා. 

කෙසේවෙතත් මැතවරණ කටයුතු විනිවිදභාවයකින් නොපැවැත්වූ බවටයි විචාරකයින් ද චෝදනා නගන්නේ. 

එම චෝදනා රුසියාවේ මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.