Sunday, May 5, 2024

General line - 0115112241

අන්තර්ජාතික නීතියට පටහැනිව යුරේනියම් කණින බවට පකිස්තානයට චෝදනා




අන්තර්ජාතික නීතියට පටහැනිව යුරේනියම් කැණීම් සිදුකරන බවට පකිස්තානයට චෝදනාවක් එල්ල වී තිබෙනවා.

අන්තර්ජාතික පරිසර සහ භුවිද්‍යාත්මක විශේෂඥයන් සදහන් කරන්නේ ගිල්ගිටි බෝල්ටිස්තානය ආශ්‍රිතව මෙම කැණීමි සිදුවන බවයි.

පකිස්තාන හා චීන විශේෂඥයන් එක්ව මෙි සදහා කටයුතු කරමින් ඇති බවත් එහිදී යොදාගන්නා තාක්ෂණය ගැටලු සහගත බවත් විශේෂඥයන්ගේ අදහසයි.

ඒ හරහා දැවැන්ත පරිසර දූෂණයක් සිදුවිය හැකි බවයි ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

යුරේනියම් න්‍යෂ්ටික නිෂ්පාදනය ක්‍රියා සදහා මූලිකවම අවශ්‍ය වන මූලද්‍රව්‍යයක් වන අතර චීනය සහ පකිස්තාන එක්ව සිදුකරන මෙම කැණිම් හරහා දකුණු ආසියාවේ න්‍යෂ්ටික බලය පිළිබද පවා ගැටලු ඇතිවිය හැකි බවට වාර්තා පළවී තිබෙනවා.

මේ අතර ඇතැම් පකිස්තාන මාධ්‍ය සදහන් කරන්නේ මෙම කැණිම් හරහා චීනයට පකිස්තානයේ වටිනා සම්පත් සහ ඉඩම් ලබාදීම සිදුව ඇති බවයි.