Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට තවත් ජයක් 




ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සවුදි අරාබියේ පාපන්දු ක්‍රීඩා සමාජයකට එරෙහිව ජයක් වාර්තා කර තිබෙනවා. 

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම මාලදිවයිනේ පැවැත්වෙන දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ඉලක්ක කරගනිමින් මේ දිනවල සෞදි අරාබියේ පුහුණුවීම් වල නිරත වනවා. 

ඊයේ පැවති තරගයකදී සෞදියේ ජුබ්බා පාපන්දු කණ්ඩායම  ගෝල හයට එකක් ලෙස පරාජය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම සමත් වුණා. 

මෙහිදී වසීම් රාසික් ගෝල දෙකක් වාර්තා කළ අතර කවිදු ඉශාන්, මොහොමඩ් අකීබ්, එඩිසන් ෆිගුරාඩෝ, රිෆ්කාන් එම් ජේ ගෝලය බැගින් වාර්තා කළා.