Thursday, May 2, 2024

General line - 0115112241

ඛණිජ තෙල් සහ කෙරවලපිටියේ ගැටළු ගැන අගමැති ප්‍රධානත්වයෙන් අද සාකච්ඡාවක්




ඛනිජ තෙල් සංස්ථාවේ පවතින ගැටලු සහ ඉදිරි අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒ සදහා පත්කෙරුණු විශේෂ කමිටුව අද රැස් වනවා. 

සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ, විදුලිබල අමාත්‍ය ගාමිණි ලොකුගේ, බලශක්ති අමාත්‍යංශයේ නියෝජිතයින් එක්විමට නියමිතයි. 

ආන්දෝලනයට තුඩු දී ඇති කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන්ද අද පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී වැඩි අවධානයක් යොමුවනු ඇති බවයි වාර්තා වන්නේ. 

රජය ගත් මෙම තීරණයට ආණ්ඩුවට සහාය දක්වන පක්ෂ 11 ක් ඉකුත්දා සිය විරෝධය පළ කර තිබුණා. මේ සම්බන්ධයෙන් සමගි ජනබලවේගය ඊයේ මාහානයක හිමිවරුන්ද දැනුවත් කිරීමට කටයුතු කළා.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ නියෝජ්‍ය උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ පැවසුවේ ජනාධිපතිවරයා දිවයිනට පැමිණි පසු කෙරවලපිටිය යුගදනවි බලාගාර සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබද සාකච්ඡා කරන බවයි.

එම ගිවිසුමේ කොන්දේසි සම්බන්ධයෙන් එකගවිය නොහැකි කරුණු සම්බන්ධයෙන්ද මන්ත්‍රිවරයා මෙහිදි කරුණු පැහැදිලි කළා.