Thursday, May 2, 2024

General line - 0115112241

සාග් පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි




මෙවර දකුණු ආසියානු පාපන්දු තරගාවලියට එක්වන ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කර තිබෙනවා. 

ඊට ක්‍රීඩකයින් 23 දෙනෙකු ඇතුළත් අතර කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ දැල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරායි. 

දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලිය ලබන මස පළමුවැනිදා මාලදිවයිනේදි ආරම්භ වනවා. 

ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, නේපාලය සහ සත්කාරක මාලදිවයින දකුණු ආසියානු පාපන්දු කිරුළ වෙනුවෙන් මෙවර තරග වදිනවා. ශ්‍රී ලංකා  පාපන්දු පිල සහභාගි වන පළමු තරගය ඔක්තෝබර් පළමුවැනිදා බංග්ලාදේශ පාපන්දු පිලට එරෙහිව පැවැත්වීමට නියමිතයි. 

1995 වසරේදී දකුණු ආසියානු පාපන්දු ශූරතාව දිනා ගැනීම ශ්‍රී ලංකාව එතෙක් මෙතෙක් දැක්වූ ඉහළම දක්ෂතාව වනවා. 

ඉන්දියාව අවස්ථා 7කදී දකුණු ආසියානු පාපන්දු ශූරතාව දිනා ඇති අතර මාලදිවයින දෙවතාවක් ශූරයින් බවට පත් වුණා. 

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඇෆ්ගනිස්ථානය එක් අවස්ථාව බැගින් දකුණු ආසියානු පාපන්දු කිරුළ තමන් සතු කර ගෙන තිබෙනවා. 

අවසන් වරට 2018 වසරේ පැවති දකුණු ආසියානු පාපන්දු තරගාවලියේ ශූරයින් බවට පත් වුයේ මාලදිවයිනයි.