Saturday, May 4, 2024

General line - 0115112241

ශක්තිවන්තයින් ගේ ක්‍රීඩාව ලංකාවට හඳුන්වා දෙයි (PHOTOS)




ලොව ශක්තිවන්තයින් අතර ජනප්‍රිය ක්‍රීඩාවක් වන ස්ට්‍රෝන් මෑන් ක්‍රීඩාව මෑත කාලීනව රටවල් 79 කට අධික සංඛ්‍යාවක ප්‍රචලිත වී ඇත. ඉතා දීර්ඝ ඉතිහාසයක් ඇති මෙම ක්‍රීඩාව ජාත්‍යන්තර ලෙස ස්ථාපිත කිරීම සඳහා 2007 වසරේ දී ජාත්‍යන්තර ස්ට්‍රෝන් මෑන් සම්මේලය පිහිටුවා තිබෙනවා. 

මෙම ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ වැදගත් සංදිස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකා ස්ට්‍රෝන් මෑන් ජාතික සම්මේලය පිහිටුවා එහි පළමු මහා සභා රැස්වීම ඔක්තෝබර් මස 03 වන ඉරු දින අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කොට ඇත.

ජාතික කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපති මෙන්න කායවර්ධන පුහුණුකරුවෙකු වන කිත්සිරි ප්‍රනාන්දු මෙහි සභාපතීත්වය දරණ අතර ප්‍රවීණ ශක්තිවර්ධන ක්‍රීඩා පුහුණුකරුවකු මෙන්ම ක්‍රීඩා උපදේශකයෙකු වන මෝතිලාල් ජයතිලක මෙහි ජාතික පුහුණුකරු ලෙස කටයුතු කරනු ලැබේ.

පිරිමි පාර්ශවයට පමණක් නොව කාන්තා ක්‍රීඩිකාවන් හටද ජාතික සම්මේලනය නියෝජනය කරමින් ක්‍රීඩා කිරීමට හැකිවීම මෙහි ඇති විශේෂත්වයකි. 

ඉදිරියේදී දේශීය තරඟ රැසක් පැවැත්වීමට සූදානම් කර ඇති බවත්, එතුලින් කලාපීය සහ ජාත්‍යන්තර තරඟ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම තම අරමුණ බවත් සම්මේලනයේ ලේකම් දිනේශ් ජයසිංහ අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා.