Saturday, May 4, 2024

General line - 0115112241

20 යි 20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකා සංචිතය අලුත් වෙයි




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයට අමතරව ඩුබායි වෙත රැගෙන යන අමතර ක්‍රීඩකයින් පස්දෙනා අද නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුණා.

 ඒ අනුව පැතුම් නිස්සංක, මිනෝද් භානුක, අශේන් බණ්ඩාර, රමේෂ් මෙන්ඩිස් සහ ලක්ෂාන් සඳකැන් මෙලෙස ශ්‍රී ලංකා සංචිතය හා එක්වනු ඇති.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වියදමින් එම ක්‍රීඩකයින් පස් දෙනා ඩුබායි වෙත රැගෙන යන බවයි මීට පෙර ප්‍රකාශවී තිබුණේ. ඒ, මේ වන විට ලෝක කුසලානයට නම් කර ඇති ශ්‍රී ලංකා සංචිතයේ ක්‍රීඩකයින්ගෙන් යම් ක්‍රීඩකයෙකු ආබාධයකට ලක්වුවහොත් ඊට ආදේශ කිරීම සදහායි. 

මෙම ක්‍රීඩකයින් පස් දෙනාත් සමඟ මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයින් 23 දෙනෙකු අයත් බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පැවසුවේ. ඕමාන තරඟ සංචාරයටද සහභාගි වීමේ අරමුණින් එම සියලු ක්‍රීඩකයින් අනිද්දා ඕමානය බලා පිටත්ව යාමට නියමිතයි.