Friday, May 17, 2024

General line - 0115112241

චෙන්නායි සහ දිල්ලි අයි පී එල් අවසන් වටයට




මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබූ දෙවන කණ්ඩායමට බවට පත්වීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා. 

ඒ ඊයේ පැවති තරගයේදී කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම හමුවේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම කඩුලූ 5කින් පරාජයට පත්වීමත් සමගයි. 

මේ වන විට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අයි පී එල් ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයේ පසුවන්නේ ජයග්‍රහණ 8ක් සමගින් ප්‍රසාද ලකුණු 16ක් ලබා ගනිමින්. 

ඒ අනුව මේ වන විට ප්‍රසාද ලකුණු සටහනේ පළමුවන ස්ථානයේ පසුවන චෙන්නායි සුපර් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් මෙවර අයි පී එල් තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා අවසන්. අවසන් වටයට සුදුසුකම් ලබා ගන්නා අනෙක් කණ්ඩායම් දෙක සදහා මුම්බායි ඉන්දියන්, රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර්, කොල්කටා නයිට් රයිඩර්ස් සහ කිංග්ස් ඉලෙවන් පන්ජාබ් යන කණ්ඩායම් අතර තියුණු සටනක් නිර්මාණය වී තිබෙනවා. 

රෝයල් චැලේන්ජර්ස්  බැංග්ලෝ කණ්ඩායම ප්‍රසාද ලකුණු 14 ක් ලබා 3 වන ස්ථානයේ පසුවන අතර කොල්කටා, පන්ජාබ් සහ මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් ලකුනු  10 බැගින් ලබා ප්‍රසාද ලකුණු සටහනේ පිළිවෙළින් පසුවන්නේ 4 , 5 සහ 6 වන ස්ථානවලයි.