Sunday, May 5, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා පාපන්දු පිළේ මනස හදන්න ජයසූරියත් එක් වෙයි




ශ්‍රී ලංකා හිටපු ක්‍රීඩක සනත් ජයසූරිය මාලදිවයිනේ දී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයින් හමුවී තිබෙනවා. 

එහිදී සිය ක්‍රීඩා ජීවිතයේදී ලද අත්දැකීම් සහ ජයග්‍රහණ පිලිබඳ ජයසූරිය ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයින් සමඟ අදහස් හුවමාරු කරගෙන ඇති බවයි වාර්තා වුණේ. කැපවීම හා උනන්දුව ඇත්නම් ඕනෑම ක්‍රීඩාවක ජයග්‍රහනය කරා යාමට හැකි බවයි සනත් ජයසූරිය එහිදී පෙන්වාදී ඇත්තේ. 

අඩුපාඩුකම් ගැන සිතා දුක් වෙනවාට වඩා, තමන් සතුව ඇති දෙයින් උපරිම ප්‍රයෝජන ගනිමින් ක්‍රීඩාව වෙනුවෙන් කැපවීම වැදගත් කරුණක් බවද සනත් ජයසූරිය එහිදී පෙන්වා දී තිබෙනවා. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමර් සහ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන්ද එම අවස්ථාවට එක්වුණා. ශ්‍රී ලංකා කණ්ඩායම මාලදිවයිනට ගොස් සිටින්නේ දකුණු ආසියානු පාපන්දු ශූරතා තරගාවලියට සහභාගිවීම සඳහායි.