Sunday, May 5, 2024

General line - 0115112241

IPL තීරණාත්මක අවසන් දින දෙක




ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ තීරණාත්මක අවසන් දින දෙක මේ වනවිට උදාවී තිබෙනවා.

දැන් වඩාත් අවධානයට ලක්ව ඇති කාරණය වන්නේ අවසන් වටයට තේරී පත් වන අවසන් කණ්ඩායම කවුරුන්ද යන්න පිළිබදවයි.

ඒ සදහා කොල්කටා නයිට් රයිඩර්ස් හා මුම්බායි ඉන්දියන්ස් යන කණ්ඩායම් අතර තියුණු තරගයක් හටගෙන තිබෙනවා.

ඒ, කණ්ඩායම් දෙකම මේ දක්වා තරග 6 බැගින් ජයගෙන සම තත්ත්වයේ පසුවීම හේතුවෙන්. කෙසේවෙතත් දළ ලකුණු වේගය අනුව කොල්කටා කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා. ඔවුන්ගේ අනාගතය තීරණය වන තීරණාත්මක තරගය අද පැවැත්වෙන්නේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමගයි. මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ අනාගතය තීරණය වන තීරණාත්මක තරගය සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සමග හෙට පැවැත්වෙනවා.

මේ අතර ශ්‍රී ලංකාව සහ ඕමානය අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 4ට ආරම්භවීමට නියමිතයි. ආබාධයකට ලක්ව සුවය ලැබූ කුසල් ජනිත් පෙරේරා අද තරගයෙන් විවේක ගැන්වීමට කටයුතු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම 1996 වසරේ ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකරු වූ දුලිප් මෙන්ඩිස්, ඕමාන් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.    

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවකු වන රුවන් කල්පගේ ඕමාන පිලේ උපදේශකයකු ලෙසින් කටයුතු කිරීම ද විශේෂත්වයක්.
දෙරට අතර තරගාවලියට තරග 2 ක් ඇතුළත්.

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 17 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී හා ඕමානයේදී පැවැත්වෙනවා.

මේ අතර දකුණු ආසියානු පාපන්දු කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර තීරණාත්මක තරගය අද පැවැත්වීමට නියමිතයි.