Sunday, May 5, 2024

General line - 0115112241

මෙවර LPL තරගාවලියට ක්‍රීඩකයින් 677 දෙනෙකු ලියාපදිංචි වෙයි




මෙවර එල් පී එල් තරගාවලිය සදහා ක්‍රීඩකයින් 677 දෙනෙකු ලියාපදිංචි වී තිබෙනවා. ඉකුත්දා 7 වනදා ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීමේ කටයුතු අවසන් කෙරුණු අතර සුදුසුකම් මත පදනම්ව එල් පී එල් ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාවට එම ලැයිස්තුව ඉදිරිපත් කෙරෙනු ඇති. 

ලියාපදිංචි වී ඇති විදෙස් ක්‍රීීඩකයින් අතරට ඇන්ඩ්‍රො රසල්, ක්‍රිස් ගේල්, ඩාවිඞ් මලාන්, ෂහිඩ් අෆ්රීඩි, ෂොයිබ් මලික්, ෆෆ් ඩු ප්ලෙසිස් නම් දැරූ ක්‍රීඩකයින්ද වන බවයි වාර්තා වන්නේ. 

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිිකට් තරගාවලියේ ක්‍රීඩක තෝරා ගැනීමේ කටයුතු ලබන 29 වනදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන දෙසැම්බර් 4 වනදා සිට 23 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

මේ අතර සංචාරක ශ්‍රී ලංකාව සහ ඕමානය අතර දෙවන පන්දුවාර විස්ස තරගය අද රාත්‍රී 08 ආරම්භ වනවා.