Sunday, May 5, 2024

General line - 0115112241

වෙනස්කම් කිහිපයක් සමගින් ශ්‍රී ලංකා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතය නම් කෙරේ




මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා අවසන් සංචිතය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කෙරුණා. 

දසුන් ශානකගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්. පළමුව නම් කෙරුණු ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්ව සිටි ළහිරු මදුෂංක ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔහුට මෙවර ලෝක කුසලාන තරගාවලිය අහිමි වුණා. 

එමෙන්ම  ඕමානය සමග පැවති විස්සයි විස්ස තරගාවලියේදි ආබාධයකට ලක් වු නුවන් ප්‍රදීප්ටද මෙවර පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමි වී තිබෙනවා. 

ඒ අනුව ආබාධවලට ලක් වු එම ක්‍රීඩකයින් දෙදෙනාට වෙනුවට ලෝක කුසලාන සංචිතයට කැදවා ඇත්තේ බිනුර ප්‍රනාන්දු හා ළහිරු කුමාරයි. 

 එමෙන්ම කමිදු මෙන්ඩිස් වෙනුවට පැතුම් නිස්සංක ශ්‍රී ලංකා ලෝක කුසලාන සංචිතයේ අවසන් ක්‍රිඩකයින් 15 දෙනා අතරට නම් කර තිබෙනවා.  

අකිල ධනංජය ද අවසන් සංචිතයට නම් කර ඇති අතර, ප්‍රවීන් ජයවික්‍රමට ඒ අනුව සංචිතයේ ස්ථානය අහිමි  වුණා. 

ලෝක කුසලානය සදහා මීට පෙර නම් කෙරුණු මූලික සංචිතවලට සංශෝදන එක්කරමින් අවසන් සංචිතය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ලබා දී ඇති කාලය අදින් අවසන් වනවා. 

පන්දුවාර විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා පිල පළමු වටයේ සහභාගි වන පළමු තරගය ලබන 18 වැනිදා නැමීබියාවට එරෙහිව පැවැත්වෙනවා.