Monday, May 6, 2024

General line - 0115112241

චෙන්නායි පිල IPL අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි




මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත්වුණා.

ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින්. චෙන්නායි සුපර් කිංස්ග් කණ්ඩායම අයි පී එල් තරගාවලියක අවසන් මහ තරගයකට පිවිසි 9වන අවස්ථාව මෙය වනවා. ඒ අනුව චෙන්නායි කණ්ඩායම ලබන 15 වනදා පැවැත්වෙන අවසන් තරගයට සුදුසුකම් ලබා ගත් අතර, ඊයේ තරගයෙන් පරාජයට පත් වූ දිල්ලි කණ්ඩායම ලබන 13 වනදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය සදහා කිරීමට නියමිතයි.

ඩුබායි හි ඊයේ පැවති  තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීම සදහා දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි දිල්ලි කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 172ක්. ප්‍රිත්වි ෂෝ පන්දු 34කින් ලකුණු 60ක් රැස් කළා.   

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 4ක් අවසානයේ කඩුලු 6ක් දැවී තරගය ජය ගත්තා. රොබින් උතාපා පන්දු 44කදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 63ක්.  නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 6කින් වේගවත් ලකුණු 18ක් නොදැවී වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියා.

ටොම් කරන් යොමු කළ අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට චෙන්නායි පිලට ලකුණු 13ක් අවශ්‍ය වූ අතර, එම පන්දුවාරයේ පළමු පන්දුවේදීම මොයීන් අලී දිවී ගියා. කෙසේ වෙතත්, අනතුරුව යොමු කෙරුණු පන්දු 2කට හතරේ පහර දෙකක් එල්ල කිරීමට මහේන්ද්‍ර සිං දෝනි සමත් වුණා. සිව්වන පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර, ඉන් පසුව යැවූ පන්දුව ද හතරේ සීමාවට එල්ල කළ දෝනි චෙන්නායි කණ්ඩායම අවසන් තරගය කරා රැගෙන ගියා.

කාගිසෝ රබාඩාට තවත් පන්දුවාරයක් ඉතිරිව තිබියදී අවසන් පන්දුවාරය ටොම් කරන්ට යොමු කිරීමට ලබා දීම ඊයේ තරගයේදී බොහෝ දෙනෙකුගේ විවේචනයට ලක් වූ කරුණක්. අවසන් වටයේ දෙවැනි තරගය රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම් අතර සාජා ක්‍රීඩාංගනයේ දී අද පැවැත්විමට නියමිතයි.  

ඉන් ජය ගන්නා කණ්ඩායම ලබන 13 වනදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගය සදහා දිල්ලි කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.