Monday, May 6, 2024

General line - 0115112241

කෝලිගේ බැංගලෝර් පිල අයි පී එල් තරගාවලියෙන් ඉවතට




IPL ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව වටයට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ සුදුසුකම් ලැබුවා.

ඒ, විරාත් කෝලිගේ නායකත්වයෙන් යුත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා, කඩුළු 04 කින් ඊයේ පැවැති තරගය ජය ගැනීමත් සමගයි.

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුළු 07 ක් දැවී ලකුණු 138 ක් රැස්කළා. විරාත් කෝලි ලකුණු 39 යි. පන්දු යැවීමේදී සුනිල් නරීන් කඩුළු 04 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 19 යි පන්දු 04 කදී ලකුණු 139 ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා. ඒ, කඩුළු 04 ක් ද ඉතිරිව තිබියදීයි.

ෂුබ්මන් ගිල් පන්දු 18 කදී රැස්කළ ලකුණු සංඛ්‍යාව 29 ක්. වෙන්කටේෂ් අයියර් සහ සුනිල් නරීන් ලකුණු 26 බැගින් රැස්කළා.