Tuesday, May 14, 2024

General line - 0115112241

ලෝක පූජිත මලල ක්‍රීඩිකාවක් ඝාතනය වෙයි




ලෝක පූජිත කෙන්යානු මලල ක්‍රීඩිකා ඇග්නස් පිරෝප් ඝාතනය කර තිබෙනවා.

කිලෝමීටර 10 ධාවන ඉසව්වේ ලෝක වාර්තාවට හිමිකම් කියන්නේද කෙන්යානු ජාතික දිගුදුර ධාවන ශූරිය වන ඇයයි.

ඇගේ සැමියා විසින් 25 හැවිරිදි මෙම ක්‍රීඩිකාව ඝාතනය කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ. ඇග්නස් පිරෝප් විසින් මෙම ලෝක වාර්තාව බිහි කළේ ඉකුත් මාසයේදී වීමද විශේෂත්වයක්. ඒ, වසර 19 ක් පැරණි වාර්තාවක් බිද හෙළමින්.

මේ අතර නෝර්වේහි සුපිරි වෙළද සංකීර්ණයකදී දුනු ඊතල යොදා ගනිමින් පුද්ගලයෙකු කළ ප්‍රහාරය ත්‍රස්ත ප්‍රහාරයක් දැයි විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ඔස්ලෝ අගනුවරට ආසන්න නගරයකදී සිදුවූ මෙම දුනු ඊතල ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකුට දිවි අහිමි වුණා. සිද්ධිය සම්බන්ධයෙන් 37 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.