සිය නම අනුමැතියකින් තොරව භාවිත කරමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් රවිදු කල්හාර නැමැත්තාට එරෙහිව ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද මීට පෙර අපරාධ පරිීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කර ඇති බව වාර්තා වනවා.
නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ තමන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ සමයේ එම පුද්ගලයා තමන් නමින් ෆේස්බුක් ගිණුමක් පවත්වාගෙන ගිය බව දැනගත් පසු එය වහාම නවතා දමන ලෙස ඔහුට දැනුම් දුන් බවයි.
ඒ අනුව අදාල ගිණුම අත්හිටු වූ බව රවිදු කල්හාර නැමැත්තා තමන් වෙත පැවසු බවත්, එහෙත් දින කිහිපයකට පසු එම ගිණුම යළි සක්‍රීය කර ඇති බව දැනගන්නට ලැබුණු බවත් ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ නෙත් නිවුස් වෙත කියා සිටියා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිඝණක අපරාධ විමර්ෂණ කොට්ඨාශයේ අධ්යක්ෂවරයා වෙත දැනුම් දී එම ගිණුම අත්හිටු වීමට අවශ්‍ය පියවර ගත් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.
රවිදු කල්හාර නැමැත්තා තවත් පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් විවිධ පාර්ශවවලින් තොරතුරු එක්රැස් කරන බවට නෙත් නිවුස් ඉකුත් සඳුදා උදෑසන ප්රවෘත්ති ප්‍රකාශය මගින් අනාවරණ කළා.
පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ, සහකාර පොලිස් අධිකාරී නාමල් සී පෙරේරා, කුච්චවේලී පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක විදානගේ ඇතුලු පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් අදාල පුද්ගලයා ෆේස්බුක් ගිණුම් පවත්වාගෙන යන බවයි එමගින් අනාවරණ කෙරුණේ. එම අනාවරණය සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්න්කෝන්ගේ උපදෙස් අනුව බස්නාහිර පළාත් විශේෂ පරීක්ෂණ ඒකකය විමර්ෂණයක් ද ආරම්භ කළා.
සබැඳි පුවත් :