ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ 11ක නියෝජිතයින් අද සාකච්ඡාවක නිරත වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස්ගේ කොළඹ පිහිටි කාර්යාලයේදීයි.
යුගදනවි බලාගාරයේ සියයට 40 ක කොටස් ඇමරිකානු සමාගමකට ලබාදීම ඇතුළු ජනතාවට බලපාන කරුණු ගණනාවක් සම්බන්ධයෙන් එහිදී සාකච්ඡාවට ලක් වු බවයි එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ අමාත්‍ය වාසුදේව නානායක්කාර පැවසුවේ.