Saturday, November 2, 2024

General line - 0115112241

බූස්ටර් මාත්‍රාව නොවැම්බර් මුල සිට




මෙරට සෞඛ්‍ය සේවකයින් ඇතුලු ඉදිරිපෙල කාර්ය මණ්ඩල සඳහා බූස්ටර් එන්නත් මාත්‍රාවක් ලබා දීම නොවැම්බර් මස පළමු සතියේ සිට ආරම්භ කරන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. වයස අවුරුදු 16ත් 19ත් අතර නව යොවුන් තරුණයින් සියලු දෙනාට මෙම මස ඇතුළතදී කොවිඩ් මර්දන එන්නත් ලබා දීමට සැලසුම් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. 

මේ අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කළ තවත් කොරෝනා මරණ 19ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ ගණන 13,593ක්.  අද දිනයේ මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් ගණන 437ක් වන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.