දිවයිනේ විවිද ප්‍රදේශවල සංචාරක ස්ථාන වෙත දේශීය සංචාරකයින් විශාල සංඛ්‍යාවක් සති අන්තයේදී පැමිණි බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.
මාතලේ රිවස්ටන් ඇතුළු ප්‍රදේශවලට ඉකුත් සති අන්තයේ විශාල පිරිසක් පැමිණි බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. නක්ලස් සංචාරක කාලපය, පිටවල පතන, සේර ඇල්ල, බඹරකිරි ඇල්ල ආදී ස්ථානවෙත සංචාරකයින් විශාල සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා.
සතිඅන්තයේ පළාත් මායිම් ගමනා ගමන කටයුතු දැඩිව පරීක්ෂා කිරීම් සිදු කළද ඇතැම් පිට පළාත්වල සංචාරකයින් විශාල වශයෙන් පැමිණි බවයි දක්නට ලැබුණේ. පැමිණි බොහෝ දෙනෙකු මධ්‍යම පළාතෙන් පිට ලියාපදිංචි රථවාහන බවද නෙත් නිවුස් වාර්තාකරුවන් සඳහන් කළා. පිටවල පතනේ සති අන්තයේ වාහන 200කට අධික සංඛයාවක් පැමිණ තිබූ බවයි සංචාරක මග පෙන්වන්නෙකු සඳහන් කළේ.
එළෙස පැමිණි බොහෝ සංචාරකයින් සෞඛ්‍ය ක්‍රමවේදවලට අනුව කටයුතු නොකරන ආකාරයක් දක්නට ලැබුණු බව ඔහු සඳහන් කළා. ජනතාව වගකීම් විරහිතව දිගින් දිගටම හැසිරුනොත් රට යළි අවධානමකට ලක් විය හැකි බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ ඒ පිළිබඳ කරුණු දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්.