Saturday, November 2, 2024

General line - 0115112241

ගැලපෙන ඇදුමකින් පාසල් එන්න සිසුන්ට හෙට සිට අවසර




සියලු පාසල්වල ප්‍රාථමික අංශයේ සිසුන් හෙට සිට පාසලට පැමිණීමේදී නිල ඇදුම් බාධාවක් කර නොගෙන සුදුසු ඇදුමකින් පාසල් වෙත පැමිනෙන්නයි අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙනවා. 

දිවයිනේ සියලුම පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු හෙට සිට ආරම්භ වන අතර බොහෝ ප්‍රදේශවල පාසල් පරිශ්‍ර සහ ප්‍රාථමික අංශ මව්පියන්ගේ සහභාගීත්වයෙන් පිරිසිදු කිරීමේ කටයුතු අද සිදු කෙරුණා. 

හෙට සිට පාසල් දරුවන්ට පාසල් නිල ඇදුම හෝ වෙනත් පහසු සහ සැහැල්ල ගැලපෙන ඇදුමකින් සැරසී පාසල් වෙත පැමිණිය හැකි බවයි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ. 

මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වු මහාචාර්ය කපිල පෙරේරා.

උන, කැස්ස වැනි රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන් පාසල් වෙත එවීමෙන් වළකින ලෙසයි මෙහිදී මව්පියන්ගෙන් ඉල්ලීමක් කෙරුණේ. 
මේ අතර පාසල් වෑන් රථ සංගමයේ නියෝජිතයින් අද මාධ්‍ය හමුවක් කැඳවමින් සඳහන් කළේ පාසල් ආරම්භ කිරීමට රජය ක්ෂනිකව තීරණයක් ගැනීම හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා ඇති බවයි. 

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ සමස්ථ ලංකා අන්තර් පළාත් පාසල් සිසුන් ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද්.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථවල රියදුරන් සහ සහයකයින් එන්නත්කරණයට ලක්ව තිබීම අනිවාර්ය බවයි බස්නාහිර පළාත් භාර ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවසුවේ. 

මේ අතර ගුරු සංගම් අද මාධ්‍ය හමුවක් කැදවමින් සඳහන් කළේ තමන් හෙට දිනයේ පාසල් අධ්‍යයන කටයුතු සඳහා එක්වන බවත් හෙට දහවල් රටපුරා විරෝධතා මාලාවක් සංවිධාන කරන බවයි. මේ ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාර්ලින්.