Saturday, November 2, 2024

General line - 0115112241

ජාතික හැඳුනුම්පත් එක්දින සේවය අද සිට යලි ඇරඹේ




ජාතික හැදුනුම්පත් ලබාගැනීමේ එක්දින සේවාව අද සිට ආරම්භ කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා. කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මහජනතාව ඒකරාශිවීම් වැලැක්වීම සදහ එම සේවාව ඉකුත් සමයේ තාවකාලිකව නතර කෙරුණා. 

යම් පුද්ගලයෙකු ජාතික හැදුනුම්පත ලබාගැනීම සදහා බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයට හෝ දකුණු පළාත් කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට පැමිණ දිනයක් හා අංකයක් වෙන් කර ගැනීම අනිවාර්යය බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී වී ගුණතිලක නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ. 

කෙසේවෙතත් සාමාන්‍ය සේවය යටතේ ජාතික හැදුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන පුද්ගලයන්ට තම ඉල්ලුම්පත්, ග්‍රාම නිලධාරී මගින් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ හැදුනුම්පත් අංශයට යොමු කළ හැකියි. එම ඉල්ලුම්පත් සිය දෙපාර්තමේන්තුවට ලැබීමෙන් පසු ජාතික හැදුනුම්පත් මුද්‍රණය කර ලියාපදිංචි තැපෑල හරහා ඉල්ලුම්කරුවන් වෙත යොමු කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් පී වී ගුණතිලක පැවසුවේ.