Thursday, May 2, 2024

General line - 0115112241

සපුගස්කන්ද සිද්ධිය අත්අඩංගුවට ගත් ඹුසැමි යුවලගෙන් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අවසර




සපුගස්කන්ද ප්‍රදේශයේදී ගමන් බෑගයක තිබී සොයා ගත් කාන්තා මල සිරුර සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අඹුසැමි යුවලගෙන් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය අද පොලිසියට අවසර දුන්නා. 

ඒ, ඔවුන් මහර වැඩබලන මහේස්ත්‍රාත්වරයා හමුවට අද ඉදිිරිපත් කළ අවස්ථාවේදීයි. 

ඒ අනුව එම අඹුසැමි යුවලගෙන් පැය 48ක් රදවාගෙන ප්‍රශ්ණ කිරීමට අධිකරණය මෙහිදී පොලිසියට අවසර ලබා දුන්නා.  

එම අඹුසැමි යුවල මට්ටක්කුලිය සමිත්පුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වනවා. වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් ලබා ගත් ගමන්මල්ලක ඝාතනයට ලක් වූ කාන්තාවගේ සිරුර බහා ලොරි රථයකින් සහ ත්‍රීරෝද රථයකින්ද රැගෙන ගොස් සපුගස්කන්ද ප්‍රදේශයෙන් දමා ගොස් තිබියදී සොයා ගත්තේ ඉකුත් 04වනදායි. 

මෙලෙස ඝාතනය කර තිබුණේ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි කාන්තාවක්. ඇය සූදුවට ඇබ්බැහි වූ කාන්තාවක් බවද පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.