Friday, November 1, 2024

General line - 0115112241

පොලිස් වෙස්ගත් ෆේස්බුක් වංචාවට ගෑවුණු තවත් අයෙකු CID අත්අඩංගුවට




පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆෙස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් තොරතුරු එක්රැස් කළ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

පානදුර ගොරකාන ප්‍රදේශයේ හෝටලයක රැදී සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. 47 හැවිරිදි මොහොමඩ් රිම්සාන් වන සැකකරු හෙට දිනයේ මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි පොලිසිය පැවසුවේ.
 
පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් ෆෙස්බුක් ගිණුම් පවත්වාගෙන යමින් තොරතුරු එක්රැස් කරන පුද්ගලයෙකු සම්බන්ධයෙන් නෙත් නිවුස් ඉකුත්දා අනාවරණ කළා. 

ඉන් අනතුරුව ඊට අදාල ප්‍රධාන සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු අතර ඔහු මොරටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.