Friday, November 1, 2024

General line - 0115112241

මාස හයකට පසු ඉහළ ශ්‍රේණි සිසුන් අද පාසල්වලට - සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නැයි ඉල්ලීමක්




මාස 06 කට පසු පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු අද සිට ආරම්භ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා එම ශ්‍රේණිවල සිසුන්ගේ මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ දරුවන් වෙනුවෙන් පාසල් සූදානම් කර ඇති බැවින් දරුවන් පාසැල් වෙත යොමු කරන ලෙසයි. 

සියලු පාසල්වල ප්‍රාථමික අංශවල අධ්‍යයන කටයුතු ඉකුත්දා ආරම්භ වුණා. 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට ද සෞඛ්‍ය අංශ සමග සාකච්ඡා කරන බවයි අධ්‍යාපන ලේකම්වරයා සඳහන් කළේ.

හඳුන්වා දී ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව කටයුතු කරන්නැයි අද සිට පාසල් පැමිණෙන සිසුන්ගෙන් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලීමක් කළා. මේ ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළ එම සංගමයේ සභාපති උපුල් රෝහණ. 

මේ අතර කොරෝන වසංගතය හේතුවෙන් පාසල් සිසුන්ට මග හැරුණු විෂය නිර්දේශ සත‘ි 20 කින් ආවරණය කිරීමට ජාතික අධ්‍යාපන ආයතනය, අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනාවක් ද ඉදිරිපත් කර තිබෙනවා.