ඩෙංගු අවධානම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ආවරණය කරමින් දින 05 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.
මේ යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ 18 ම ආවරණය වන පරිදි පරීක්ෂා කිරීමේ කටයුතු සිදුකෙරෙන බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න පැවසුවේ.
පවතින වර්ෂාවත් සමග ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කරන ලෙසට ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා.
මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගින් 23,214 දෙනෙකු වාර්තා වූ බවයි විශේෂඥ වෛද්‍ය ශිලන්ති සෙනෙවිරත්න වැඩිදුරටත් සඳහන් කළේ.