ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ ගිණුම් සකස් කර පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් වංචා කිරීමක් සම්බන්ධව රක්ෂිත බන්ධනාගාරගත කර සිටි රවිඳු කල්හාර නමැත්තා ලබන 12 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ, මොරටුව අතිරේක මහේස්ත්‍රාත් උද්දාල සුවහන්දුරුගොඩගේ නියෝගයකට අනුවයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශන අනුව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙකුද ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මොරටුව අතිරේක මහේස්ත්‍රාත්වරයා එහිදී නියෝග කළේ.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලද දෙවැනි සැකකරු වන්නේ අබ්දුල් කාදර් මොහොමඩ් නමැති 49 හැවිරිදි පුද්ගලයෙක්. රවිදු කල්හාර නමැති පළමු සැකකරු කොවිඩ් නීති ප්‍රකාරව බන්ධනාගාරය මගින් අද අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණේ නැහැ.
මෙම සැකකරුවන් තමන් පොලීසියේ බව හඟවමින් උප පොලිස් පරීක්ෂක සහ කොස්තාපල් සම්මුඛ පරීක්ෂණ සඳහා පෙනී සිටි පුද්ගලයන්ගෙන් එම කටයුතු කඩිනමින් කර දෙන බවට පවසා මුදල් ගිණුමකට තැන්පත් කරගෙන ඇතැයි අනාවරණ වී තිබෙනවා.
සැකකරුවන් පොලිස් නිලධාරීන් ලෙස විවිධ පුද්ගලයන්ට විවිධ ආකාරයෙන් තර්ජනයන් සිදු කර ඇති බවත්, පුත්තලම ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ දියණියකගේ ප්‍රේම සබඳතාවයක් නැවැත්වීමට මුදල් ලබා ගෙන ඇතැයි සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වූ බවත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම්දී තිබෙනවා.
ඉදිරිපත් වූ කරුණු සලකා බලා සැකකරුවන් දෙදෙනාම ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා, මහේස්ත්‍රාත් නිල මැදිරියේදී නියම කළ බවයි නෙත් අධිකරණ වාර්තාකරු පැවසුවේ. එම අවස්ථාවේදී දෙවන සැකකරු සිහි මුර්ජාවක් වී ඇද වැටීමක් සිදු වූ බවද නෙත් නිවස් අධිකරණ වාර්තාකරු සඳහන් කළා.
රවිදු කල්හාර නමැති මෙම නඩුවේ පළමු සැකකරු ෆේස්බුක් ඔස්සේ පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුගේ නම්වලින් පෙනී සිටිමින් විවිධ පාර්ශවවලින් තොරතුරුඑක් රැස් කරන බව අනාවරණ කළේ නෙත් නිවුස් ඔස්සේයි.