මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ එන්නත් මාත්‍රා 02 ම ලබාගත් පුද්ගලයින් ගණන එක් කෝටි තිස්පන් ලක්ෂ 91,413 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඒ, තවත් පුද්ගලයින් 10,385 දෙනෙකු ඊයේ දිනයේදී සිය දෙවන එන්නත් මාත්‍රාව ලබාගැනීමත් සමගයි. ඒ අතරින් 7,815 දෙනෙකුට සයිනොෆාම් එන්නත ලබාදී ඇති අතර පුද්ගලයින් 1,647 දෙනෙකුට කොවිෂීල්ඩ් එන්නත ලබාදී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේ.
පුද්ගලයින් 15,952 ක් ඊයේ දිනයේදී පළමු එන්නත් මාත්‍රාව ලබාගෙන තිබෙනවා. ඒ අනුව පළමු එන්නත් මාත්‍රාව ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන එක්කොටි පනස් අට ලක්ෂ 16, 302 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.
මේ අතර ඊයේ දිනයේදී පුද්ගලයින් 14,393 දෙනෙකුට බූස්ටර් මාත්‍රාව ලබාදීමත් සමග බූස්ටර් මාත්‍රාව ලබාගත් මෙරට සමස්ථ පුද්ගලයින් ගණන 70,415 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.